Tue12182018

Last updateSat, 15 Dec 2018 1pm

Local News

විශ්‍රාමික කලාකරුවන්ට මාසික දිමනාවක් පිරිනැමිම ජනපති ප්‍රධානත්වයෙන්

දේශිය සිනමාව පෝෂණය කිරිමට සිය කාලය හා ශ්‍රමය කැපකළ කලාකරුවන් සඳහා මාසික දීමනාවක් ප්‍රදානය කිරිමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදි ඊයේ පස්වරුවේ පැවැත්විණ. 1987 වසරේදී රුපියල් 500 කින් ආරම්භ වු මෙම දිමනාව පසුකාලීනව රුපියල් දෙදහසක් දක්වා වර්ධනය වී කලාකරුවන් 57 දෙනෙකුට පිරිනැමිණ. 

1998 වසරෙන් පසු මෙම මාසික දිමනාවේ වැඩි වීමක් සිදුනොවීය.  ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය අයවැය යෝජනා මගින් මෙම දීමනාව රුපියල් පන්දහස දක්වා ඉහළ නැංවින.  ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කලාකරුවන් 163 දෙනෙකු වෙනුවෙන් මෙම මාසික දීමනාව පිරිනැමිමට කටයුතු යොදා තිබේ. දීමනා ප්‍රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාල චෙක්පත් පිරිනැමිම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

එහිදි අදහස් දැක්වු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ රටක නිල නොලත් ව්‍යවස්ථාදායකය වන කලාකරුවන් ආරක්ෂා කිරිමට රජයට විශාල වගකීමක් ඇති බවයි.  මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ සරසවි චිත්‍රාගාරය ප්‍රතිසංස්කරණය සඳහා රජය රුපියල් මිලියන 40 ක් වෙන්කර ඇති බවයි  පැරණි චිත්‍රපට සංරක්ෂණයට රුපියල් මිලියන 50 ක් ද සිනමා ශාලා සංවර්ධනයට රුපියල් මිලියන 30 ක් ද වෙන්කර ඇති බව මද්දුම බන්ඩාර මහතා එහිදි පැවසීය.  ප්‍රවීන සිනමා ශිල්පීන් වන රවින්ද්‍ර රන්දෙනිය. මාලනී ෆොන්සේකා.  යන මහත්ම මහත්මීහු ඇතුඑ කලාකරුවෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.