Mon05212018

Last updateMon, 21 May 2018 7am

Local News

ඉරානය හා ශ්‍රි ලංකාව අතර ආර්ථික හා වෙළෙද සබදතා

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා ඉරාන ජනාධිපති හසන් රෝහානි මහතා අතර නිල සාකච්ඡා පැවැත්විණ. ඉරාන ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම ද්විපාර්ශවිය සාකච්ඡාවලදි දෙරට අතර පවතින ආර්ථික හා වෙළෙද සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිලිබදව අවධානය යොමු කෙරිණ.
උමා ඔය ව්‍යාපෘතියට හා ග්‍රාමිය ප්‍රදේශවලට විදුලිය සැපයිම සහ දුම්රිය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඉරානය ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉරාන රජය වෙත සිය ස්තුතිය පුදකලේය. ඉන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් පහකට ද රාජ්‍ය නායක දෙපල ඉදිරියේ අත්සන් තැබිණ. සෞඛ්‍ය. වෛද්‍ය විද්‍යාව. ඖෂධීය හා වෛද්‍ය උපකරණ. ප්‍රමිතිකරණය . මිනුම් විද්‍යාව හා පුහුණුව. නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලිම. සිනමාව සහ රූපවාහිනිය . සංස්කෘතිය. විද්‍යාව හා තාක්ෂණය. යන ක්ෂේත්‍රවලට අදාලව එම ගිවිසුම් සකස් කර තිබිණ.