Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Local News

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වත්මන් රජය සමත් වු බව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා කියයි

නිදහසින් පසුව වසර ගණනාවක් මෙරට ක්‍රියාත්මක වු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වත්මන් යහපාලන රජය සමත්වු බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා කියයි. ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක මාරුවෙන් මාරුවට පාලන බලය අත්කර ගත් ක්‍රමය වෙනස් කර ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එක්ව රට පාලනය කිරීමේ ක්‍රමයක් වත්මන් රජය හදුන්වා දුන්නේය. එය ක්‍රියාත්මක කරද්දී අභියෝග එල්ලවීම මවිතයට කරුණක් නොවේ. ඒ සියඵ අභියෝග ජයගෙන රජය ඉදිරියට ගමන් කරන බව මන්ත්‍රිවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලිය සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි. රනිල් වික්‍රමසිංහ මහතා අත්දැකීම් බහුල පරිනත දේශපාලනඥයෙකි. ඔහු කෙරෙහි විශ්වාසය ඇති පිරිස එක්කර ගනිමින් රජයේ ඉදිරි ගමන් මග සකස් කරන බව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා පැවසීය.
පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කෙරුණු හෙල්පින් හම්බන්තොට . හෙජින් ගිවිසුම. වැනි ගිවිසුම් පිළිබඳව මාධ්‍ය නිහඩ පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස හේතුවෙන් රජය විවේචනය කිරිමට පවා මාධ්‍ය ඉදිරිපත්ව ඇතැයි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.