Fri03222019

Last updateThu, 14 Feb 2019 9am

Local News

අර්ථ සාධක අරමුදලේ සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය යොදා ගැනීමේ තිරණයක්

සේවක අර්ථ සාධක අරමුදලට දායකවී ඇති අර්ධ රාජ්‍යය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සදහා සේවක සේව්‍ය දෙපාර්ශවයේ විස්තර ඇතුලත් කර දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීම මේ වනවිට සිදුවෙයි.  නව සාමාජික අංක ලබන ජුනී මාසයේ සිට නිකුත් කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.  ආයතන කිහිපයක සේවය කර ඇති සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංක කිහිපයක් පවතී.   අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමේදී එය ගැටඵවකි.  මෙම අපහසුතා මගහැරවීමේ පියවරක් ලෙස සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජික අංකය ලෙස සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමට තිරණය කළ බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීමේදී සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකයේ නිරවද්‍යතාව පරීක්‍ෂා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග තොරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිතයි.