Sun04222018

Last updateSun, 22 Apr 2018 2pm

Local News

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද සිට සේවයට

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද සේවයට වාර්තා කර ඇතැයි විශ්ව විද්‍යාලවල බලධාරීහු පවසති. ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය කාලයේ ඇති වු ප්‍රමාද ඔවුන්ගේ සහාය ඇතිව කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව එම බලධාරීහු සදහන් කරති. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය නිලන්තී ද සිල්වා මහත්මිය අප කළ විමසුමකදී පැවසුවේ අධ්‍යයන කටයුතුවලදී ඇති වු ප්‍රමාදයන් යථා තත්වයට පත් කිරීම සදහා සෙනසුරාදා දිනවල හා නිවාඩු දිනවලද අධ්‍යයන කටයුතු සිදුකරන බවයි.
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්‍යය මණ්ඩල ඒකාබද්ධව වෘත්තීය සමිති එකමුතුව සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා අප කළ විමසුමකදී පැවසුවේ තම සාමාජිකයන් 15 දහස් 600 ම අද සේවයට වාර්තා කළ බවයි. සිදුවී ඇති ප්‍රමාද යථා තත්වයට පත් කිරීමට ඔවුන් සියඵ දෙනාගේ සහාය අනිවාර්යයෙන්ම ලැබෙන බව ඔහු සදහන් කළේය.