Sun04222018

Last updateSun, 22 Apr 2018 2pm

Local News

ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුලුව ඇමතිම ලබන බ්‍රහස්පතින්දා

 

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන බ්‍රහස්පතින්දා පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුලුව අමතයි. පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ  බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේදි අද පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුලුව ආරම්භ විය. සෞභාග්‍යය සුරක්ෂිත බව. සාධාරණත්වය. තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩලිය රටවල රටවල අරමුණු සාක්ෂාත් කරගැනිම පිලිබදව මෙවර සමුලුවේදි ප්‍රමුඛ අවධානයක් යොමු කෙරේ. ලබන සෙනසුරාදා දක්වා බ්‍රිතාන්‍යයේ රැදි සිටින ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අගමැතිය තෙරේසා මේ මහත්මිය හමුවිමට ද නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුලුවට සහභාගි වන රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග එතුමා සාකච්ඡා පවත්වයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන බදාදා පොදු රාජ්‍ය මණ්ඩලිය ව්‍යාපාරික සංසදය ඇමතිමට නියමිතයි. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනිම පිලිබදව පැවැත්වෙන සමුලුවේ ප්‍රධාන දේශනය පැවැත්විමට ද ජනාධිපතිතුමා ඇරයුම් ලැබ සිටි. පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහා රැජිනගේ අනුදෙවන ඡන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකටද එතුමා සහභාගිවෙයි.