Sat11172018

Last updateSat, 17 Nov 2018 9am

Local News

රජයේ ඉදිරි ගමන පිළිබඳව තීරණයක් ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනපති තීරණය කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව වත්මන් රජයේ ඉදිරි ගමන පිළිබඳව තීරණයක් ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ. මෙම කමිටුව අද පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත් කෙරෙනු ඇත.