Mon08202018

Last updateMon, 30 Jul 2018 10am

Local News

රජයේ වැරදි පිළිගෙන ඉදිරි වසර දෙක තුලදි ඒවා නිවැරදි කරගැනිමේ අවශ්‍යතාව පුරවැසිබලය සංවිධානය පෙන්වා දෙයි.

ඉදිරි වසර දෙක තුල ආණ්ඩුවේ වැරදි පිළිගෙන ඒවා නිවැරදි කිරිමට පියවර ගැනිමේ අවශ්‍යතාව  පුරවැසි බලය සංවිධානය පෙන්වා දෙයි. පසුගිය ජනාධිපතිවරණයේදි විධායක ජනාධිපති ධූරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ගෙනඒමට ක්‍රියාකරන බවත්. මහාපරිමාන වංචා දුෂණවලට දඩුවම් දෙන බව ප්‍රකාශ කළත් ඒවා ඉටුකිරිමට රජය අසමත්වු බව සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.  සාමාජීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කලේය.  මේ සඳහා යම් ක්‍රියාමාර්ග ගනු ලැබුවද දේශපාන අධිෂ්ඨානය ප්‍රමානවත් නොවීය.