Mon02192018

Last updateMon, 19 Feb 2018 1pm

Local News

අල්ලස් . දූෂණය . වංචාවට නාස්තියට එරෙහි පුඵල් වැඩසටහනක් සදහා ජනාධිපතිතුමා ජනතා සහාය පතයි

 

අල්ලස . දූෂණය වංචාව අක්‍රමිකතා හා නාස්තියට එරෙහිව පුඵල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ම ැතිතුමා ජනතා සහාය පතයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව පැහැදිලි කළ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් රජිත කොඩිතුවක්කු මහතා සෞභාග්‍යමත් නව යුගයක් කරා රට ගෙනයාම බලවේගයක් ලෙස අල්ලස . දූෂණය. වංචාව . අක්‍රමිකතා හා නාස්තියට එරෙහි පුඵල් දේශපාලන හා සමාජ කතිකාවක් ගොඩනැංවිම අවශ්‍ය වී ඇතැයි පැවසිය. පරිපාලන පද්ධතිය බල ගැන්විම හා ශක්තිමත් කිරිමත්. නිති පද්ධතිය හා නිතිය පසිදලිමේ ආයතන විධිමත් කිරිමත් . අවශ්‍ය වී තිබෙ.් ඒ සදහා ජනාධිපති කාර්යාලය ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එමගි්න් ජනාධිපතිතුමා අපේක්ෂා කරන්නේ පිරිසිදු රටක් ගොඩනැංවිම බව කොඩිතුවක්කු මහතා පැවසිය.
ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් අනිර අමරතුංග මහතා පැවසුවේ මෙම ජාතික වැඩසටහන සදහා මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පුජකවරුන්. විද්වතුන් . වෘත්තියවේදින්ගෙන් ද රටට හිතැති ජනතාවගෙන් ද අදහස් හා යෝජනා ජනාධිපති ලේකම් කාර්යාලය අපේක්ෂා කරන බවයි. ඔවුන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වයද අපේක්ෂා කෙරේ්. දුරකථ.න අංක 076 46 54 600 හෝ 077 57 70 882 මගින් දුෂණ . වංචා නාස්තිය අල්ලස හා අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දිය හැකිය ලිඛිතවද එම තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදිය හැකිබව ඔහු සදහන් කළේය