Tue05222018

Last updateTue, 22 May 2018 8am

Local News

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

දුෂණය හොරකමට හා අල්ලසට එරෙහිව මුල්‍ය විනයක් ඇති කර ගැනීම සදහා පුඵල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. ඒ සදහා රටේ උගත් බුද්ධිමත් සියලුදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් මගින් සියලු පාර්ශ්වයන්ගේ ඒකාරාශිත්වය අත්‍යවශ්‍ය වී ඇතැයි ජනාධිපතිතුමා සදහන් කරයි. 70 වැනි නිදහස් දින සමරු උළෙලේ ජාතිය අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. වර්තමානයේ දේශප්‍රේමිත්වය යනු මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමයි. ඒ සදහා දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරින් මෙන්ම සමස්ත ජනතාවම පුරෝගාමිව කටයුතු කළ යුතුය. රට තුළ පිරිසිදු දේශපාලනයක් ගොඩනැගීම සදහා සියලුදෙනාගේ කැපවීම අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 


ජාතික අභියෝග හදුනාගෙන කටයුතු කිරීම සදහා රජය ප්‍රමුඛතාව දී තිබේ. එහිදී දුප්පත්කම තුරන් කිරීමට විශේෂ අවධානයක් යොමුකර ඇත. අතීත වැඩපිළිවෙල හා අත්දැකීම් පදනම් කරගෙන රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂ්ම කළ යුතුය. ඒ වෙනුවෙන් පැරණි අණපනත් මුල්‍ය රෙගුලාසි කඩිනමින් සංශෝධනයකට ලක්කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ජාතික අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයන්ගේ අවංකභාවය බෙහෙවින් වැදගත්ය. පොදු ජනතාව රාජ්‍ය පාලනය සදහා ඒකරාශි කර ගැනීමට ද එය අත්‍යවශ්‍යය.

සැබෑ නිදහස මිනිසාගේ නිදහස පමණක් නොවන බව පැවසු ජනාධිපතිතුමා සතා සිව්පාවා ගහකොළ ඇලදොල මෙන්ම ස්වභාවික වස්තුන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද කීය. එහි ඇති සංකීර්ණ වගකීම් පිළිබඳව පාසල් දරුවාගේ සිට සියලු දෙනාට වඩාත් දැනුවත් භාවයක් ලබාදීමට කටයුතු කළ යුතුය. නිදහසේ සියලු අංශ ශක්තිමත් කර රටේ ජනතාවගේ අනන්‍යතාව ශක්තිමත් කළ යුතුව තිබේ.

ජාතිවාදි අදහස්වලින් තොරව රට ගොඩනැගීමට එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා සියලු ජාතින්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් සංහිදියාව ශක්තිමත් කළ යුතු බව පැවසීය. වසර 26 ක් පුරා පැවති යුද්ධය අවසන් කර රටේ ස්වාධිනත්වය භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුද නාවික ගුවන් ඇතුඵ ආරක්ෂක නිලධාරින් සිය ජිවිත පරිත්‍යාගයෙන් කළ කැපකිරීම් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඔවුන්ට රටේත් ජාතියේත් ගෞරවය මෙම අවස්ථාවේදී පිරිනමන බව ප්‍රකාශ කළේය.
70 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සහභාගිවීමට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන යන මහත්වරුන් විසිනි. මෙම සමරු උළෙලට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු එම ආර්යාව ඇතුඵ විදේශිය සම්භාවනීය පිරිසක් සහභාගි වුහ. විදෙස් තානාපතිවරුද ඒ අතර වුහ. ජනාධිපතිතුමා ජාතිය ඇමතීමට පෙර රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් ඇතුඵ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වින. ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමිම එහිදී සිදුවිය. ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25 ක් පිරිනැමිම අද දහවල් සිදු කෙරින. කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සංස්කෘතික හා සංගීත ප්‍රසංගයක් කොළඹ නගරශාලා පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවැත්වේ.
නිදහස් දින බෞද්ධාගමික වතාවත් අද පෙරවරු 6.30 ට කොළඹ කොල්ලුපිටිය පොල්වත්ත ධර්ම කිර්ත්‍යාරාම විහාරස්ථානයේදී පැවැත්වින. හින්දු ආගමික වතාවත් කොළඹ ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර කෝවිලේදිත් ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ අක්බර් ජුම්මා මස්ජීද් පල්ලියේදිත් පැවැත්වින. කතෝලික දේව මෙහෙය කොළඹ 10. පැටිමා දේවස්ථානයේදිත්. ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ වේල්ලවිීදිය මෙතෝදිස්ත දේවස්ථානයේදිත් අද පෙරවරුවේ පැවැත්වින.