Mon02192018

Last updateMon, 19 Feb 2018 1pm

Local News

2018 පාපන්දු ලෝක කුසලානය ජනාධිපතිතුමාට පිළිගැන්වෙයි.

ලබන ජුනි මාසයේ රුසියාවේ මොස්කව් නගරයේ පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශුරතා තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට පිරිනැමෙන කුසලානය දැන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.  එය ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වින.  ලොවපුරා මහද්විප හයකට අයත් රටවල් 54 ක ප්‍රදර්ශනය සදහා රැගෙනයන එම කුසලානය එහි ප්‍රථම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒම විශේෂත්වයකි. 

ලෝක පාපන්දු ශුරතා තරගාවලියට කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉතිහාසයේ පලමු අවස්ථාව මෙයයි.  ශ්‍රී ලංකාව හැරුනුවිට එම කුසලානය රැගෙනයන ආසියානු රටවල් වන්නේ පාකිස්ථානය හා මාලදිවයින පමණි.  එම පාපන්දු කුසලානය දැන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සදහා තබා තිබේ.