Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

Local News

නිල කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් පිළිගෙන හෙට නොව අද වුවත් ධුරයෙන් නික්ම යාමට තමා සුදානම් බව ජනපති අවධාරණය කරයි


තම නිල කාලය පිලිබදව මත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරිම පිලිබදව කිසිවෙකු කලබල විය යුතු නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තිරණයක් ඉතා ගෞරවයෙන් පිලිගෙන ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ධුරයෙන් නික්මයාමට තමා සුදානම් බව එතුමා කියා සිටි. ඊයේ පස්වරුවේ අකුරැස්ස ප්‍රදේශයේ පැවැත්ි ජනහමුවකදි ජනාධිපතිතුමා මේ බව කිවේය. තමා ශ්‍රේෂ්ඨාධිකරයෙන් මත විමසුමක් සිදුකලේ තමාට ජනාධිපති ධුරයේ රැදිසිටිමට තිබෙන වසර ගණන පිලිබදව සිතා නොව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග ජනාධිපතිවරයාගේ නිල කාලය පිලිබදව සමාජය තුල මත දෙකක් ඉදිරිපත්ව තිබිම නිසා බව එතුමා පෙන්වා දුන්නේය.

තමා ජනාධිපති ධුරයේ සැමදා රැදිසිටිමට පැමිණි අයෙකු නොවන බව පැවසු ජනාධිපතිතුමා තමන් රට වෙනුවෙන් දකින සිහිනයක් වන ජාතික සංහිදියාව ශක්තිමත් වු සියලු ජනකොටස් සහෝදරත්වයෙන් ජිවත්වන ලොව පිලිගත් රාජ්‍යයක් ලෙස ශ්‍රි ලංකා මාතෘ භුමිය ඔසවා තැබිමේ සිහිනය වෙනුවෙන් සැමදා කැපවන බව අවධාරණය කලේය. පක්ෂයේ ප්‍රතිපත්ති හා දර්ශනය සමග ජනතාවාදි ගමනක් යෑමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කෙරේ. හොද ප්‍රාදේශිය සභාවක් හොද පලාත් සභාවක් මගින් අනාගතයේදි හොද ආණ්ඩුවක් සැදිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙහෙය වන බවද එතුමා කිවේය.

පක්ෂයේ නායකයා ලෙසද එහි සදාකාලිකව රැදි සිටිමට බලාපොරොත්තු නොවේ. තමන්ගෙන් පසු තම දරුවෙකුට එම පුටුව සුදානම් කිරිමට හෝ ක්‍රියා නොකරන බව එතුමා අවධාරනය කලේය. තමන්ට පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැත. ඇත්තේ රට හා රටේ අනාගතය වෙනුවෙන් වු න්‍යාය පත්‍රයකි. එහිදි වඩාත් ජනතාවාදි හා මානවවාදි දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවෙනු ඇත. උතුරේ හමුදා කදවුරු ඉවත් කරන බවට රජයට නැගෙන චෝදනා පිලිබදව අදහස් දැක්වු එතුමා කියා සිටියේ මේ වන විට මෙරටට යුදහමුදා මුලස්ථානයක් ද නොමැති බවයි. එම මුලස්ථානය් තිබු අක්කර 6 ක භුමිය ෂැන්ග්‍රිලා සමාගමට ඔප්පුවකින් පවරා දුන්නේ පසුගිය රජය බවද එතුමා සදහන් කලේය.