Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

Local News

රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පසුගිය රජය බව ජනපති කියයි

රටට ආදරය කරන සදාචාරවත් දේශපාලනයක මුල් පියවර මෙවර පලාත් පාලන ඡන්ද විමසීමේ ජයග්‍රහණයත් සමග තහවුරු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අනුරාධපුරයේදී අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලාත් පාලන ඡන්ද විමසීමට අදාලව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ජන හමු මාලාවේ පළමුවැන්නට එක්වෙමින් එතුමා මෙම අදහස් පල කළේය. රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකලේ පසුගිය මහින්ද රාජපක්ෂ රජයයි. දේශප්‍රේමීත්වය හා ජාතික අනන්‍යතාවය පෙරටුකරගත් ජාතික බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වටා මෙවර එක්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.