Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

Local News

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. මෙමගින් ගොවිජන සංස්කෘතියේ විශාල වෙනසක් සිදුවේ. සමෘද්ධිමත් රටක් සඳහා ශක්තිමත් පදනමක් ද ගොඩනැගෙනු ඇත. ඒ සඳහා සොබාධර්මයාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කරයි. මොරගහකන්ද ව්‍යාපෘතිය මිට වසර 5 කට පෙර නිම කිරිමට නියමිතව තිබුනි. එහෙත් රට තුල පැවති දේශපාලන සංස්කෘතියේ අවභාවිතාව නිසා එය ඉටුකිරීමට නොහැකි වු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතිය තුලින් ප්‍රදේශයේ පානිය ජල ගැටඑවට විසඳුම ලැබේ. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරිමේ ශ්‍රේෂ්ඨ අරමුණ ඉටුකිරිමට මෙමගින් හැකිවු බව එතුමා පැවසුවේ සාලිස් වසරක මහවැලි අසිරිය මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරිම වෙනුවෙන් පොල්ගොල්ල ජලාශ වේල්ල මත අද පස්වරුවේ පැවති ජාතික මහෝත්සවයට එක්වෙමිනි. මෙම ජලාශය ඉදිකිරිම සඳහා දායකවු ජාතික හා අන්තර්ජාතික වශයෙන් විශ්ෂ්ට සේවයක් කළ ඉංජිනේරු ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මහතා නමින් මොරගහකන්ද ජලාශය නම්කළ යුතු බවට ජනාධිපතිතුමා එහිදි යෝජනා කලේය. එය රටේ වැව් අමුණු ජලාශ ඉදිකිරිමට ක්‍රියා කළ සියලු ඉංජිනේරුවන්ට ගරු කිරිමක් වන බව ද එතුමා කීය.
පොල්ගොල්ල ජලාශයට පිරිත්පැන් මුසු කිරිම ජනාධිපතිතුමාගේ සුරතින් මෙහිදි සිදුවිය