Local News
රාජගිරිය නව ගුවන් පාලම ජනතා අයිතියට.
- Details
- Published on 08 January 2018
- Written by slbc news
රාජගිරිය මංසන්ධියේ දීර්ඝ කාලයක සිට පැවති දැඩි වාහන තදබදයට පිළියම් ලබා දෙමින් එහි ඉදිකෙරුනු ගුවන් පාලම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පැවරිනි. එහිදී අදහස් දැක්වු ජනාධිපතිතුමා ගෙවී ගිය වසර තුන තුල වත්මන් රජය ජනතාව වෙනුවෙන් ඉටු කළ සංවර්ධන වැඩපිළිවෙලේ කඩිනමින් නිම කළ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හැඳින්වීය.
ප්රජාතන්ත්රවාදය . නිදහස . සමාජ අයිතිවාසිකම් හා මුලික අයිතිවාසිකම් පමණක් නොව මාධ්‍ය නිදහස අහිමිව තිබු යුගයක මෙරට ජනතාව නව ගමනක් යාමට 2015 අද වැනි දිනක තමන් මෙරට රාජ්‍ය නායකයා ලෙස තෝරා පත් කර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. එදා මෙදා තුර රට පෙරට ගෙන යාමට තිබු අභියෝග රැසක් ජය ගනිමින් ශ්‍රි ලංකාව ලෝකය පිළිගත් රටක් ලෙස ඔසවා තැබීමට තමාට හැකිවු බව එතුමා සදහන් කළේය. ජනවාරි 8 උදාර විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන පුජ්‍ය මාදුඵවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරිම වඩාත් සුදුසු බව ජනාධිපතිතුමා යෝජනා කළේය.
ඇමතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල . පාඨලී චම්පික රණවක . වජිර අබේවර්ධන . යන මහත්වරු ඇතුඵ විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.