Wed02202019

Last updateThu, 14 Feb 2019 9am

Local News

නවින තාක්ෂණයෙන් යුත් නව විද්‍යුත් ජාතික හැදුනුම්පත මේ වසරේදි


නවින තාක්ෂණයෙන් යුත් නව විද්‍යුත් ජාතික හැදුනුම්පත මේ වසරේදි හදුන්වා දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. වයස අවුරුදු 15 ට වැඩි සියලු පුරවැසියන්ගේ ජිවදත්ත හා ජිවමිතික දත්ත ඊට ඇතුලත් වේ ඒ සදහා පුද්ගල නාම ලේඛණයක් ද සකස් කෙරේ. ඊට සුදුසුකම් ලබන ජනතාවගේ සංඛ්‍යාව එක්කෝටි හැටලක්ෂයකි. විද්‍යුත් ජාතික හැදුනුම්පතට අදාල රෙගුලාසි නිතිකෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස් කර ඇත. ඇමතිමණ්ඩල අනුමැතිය හා පාර්ලිමේන්තු අනුමැතිය මේ මාසයේදි ලබාගැනිමට ක්‍රියාකරන බව හෙතෙම කියයි. ජනතාවගේ තොරතුරු ලබාගැනිම සදහා සැම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම දෙපාර්තමේන්තුවේ ඒකක පිහිටුවා තිබේ. ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු වියානි ගුණතිලක මහතා පැවසුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කිරිමට පියවර ගෙන ඇති බවයි. ඒ යටතේ උතුරු පලාත් කාර්යාලය වවුනියාව නගරයේ නැගෙනහිර පලාත් කාර්යාලය මඩකලපු නගරයේ ස්ථාපිත කර තිබේ. වයඹ පලාත් කාර්යාලය කුරුණෑගල නගරයේ පිහිටුවිමට නියමිතයි. ඌව සහ දකුණු පලාත් කාර්යාල මේ වසරේදි ආරම්භ කරන බව ගුණතිලක මහතා පැවසිය.