Local News
ගෙවිගිය වසර තුන තුළ රටේ ප්රජාතන්ත්රවාදි ගමන්මග ශක්තිමත් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇතැයි මාධ්‍යවේදි ගාමිණි වියන්ගොඩ මහතා පෙන්වා දෙයි
- Details
- Published on Friday, 02 March 2018 15:04
- Written by slbc news
පසුගිය වසර තුනක කාලය තුළ රටේ ප්රජාතන්ත්රවාදි ගමන්මග ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රැසක් ගෙන ඇතැයි ප්‍රවින මාධ්‍යවේදි ගාමිණි වියන්ගොඩ මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල අවම කිරීමට ක්‍රියාකිරීම. ස්වාධින කොමිෂන් සභා පිහිටුවීම එහිදී විශේෂයෙන් සදහන් කළ හැකි බව ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු සදහන් කළේය.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසිමේ ප්‍රතිඵලය පිළිබඳව එහිදී අදහස් දැක්වු ගාමිණි වියන්ගොඩ මහතා එමගින් ජනතාව දුන් තීන්දුව රජය නිවැරදිව අවබෝධ කරගත යුතුබව පැවසීය. එම ප්‍රතිඵල මගින් ජනතාව රජයට අනතුරු ඇගවීමේ සංඥාවක් ලබාදී තිබේ. එහෙත්. එම ප්‍රතිඵලය කිසිසේත්ම රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙනස් කිරීමට දුන් තීන්දුවක් නොවන බව ඔහු අවධාරණය කළේය. මේ අවස්ථාවේදී තම කඳවුර ශක්තිමත් කරගෙන ජනතාවාදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවිය යුතු බව ඔහු පැවසීය.