Wed04012020

Last updateSat, 22 Feb 2020 6pm

Local News

කටහඬට අරුතක් - 2020


"කටහඬට අරුතක් - 2020" ජාතික වැඩසටහන

හැඳින්වීම

ශී‍්‍ර ලංකාව පුරා දසත විසිරී පැතිරී සිටින නිවේදක කුසලතාවය සහජයෙන් උරුමව ඉපිද නිසි මාර්ගෝපදේශකත්වයක් නොමැතිව මුළු ගැන්වී සිටින සුවහසක් අපේ තරුණ තරුණියන්ගේ හඬ පෞරුෂය හඳුනාගෙන නිවරැුදි ක‍්‍රමවේදය තුළින් ජාතික තලයට දැනුමෙන්, කුසලතාවයෙන්, පිරි නිවේදක නිවේදිකාවන් පිරිසක් එළිදක්වන මහා ජාතික මෙහෙවර කටහඬට අරුතක්.

කවුරුන් සඳහාද

වයස අවුරුදු 18-30 ත් අතර අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති පරිපූර්ණ නිවේදක නිවේදිකාවන් වී ජීවිතය ජයගන්නට වෙර දරන අප මාතෘ භුමියේ සුවහසක් තරුණ තරුණියන් වෙනුවෙන් සියලූ භාෂා කතාකරන, සියලූ ජාතීන් නියෝජනය සහිිතව එළිදකින පරිපූර්ණ නිවේදකයින් ගුවන් විදුලියේම සම්පතක් නොවනු ඇත. රටේම අවශ්‍යතා සඳහා සහසම්බන්ධවන ප‍්‍රවීණයන් පිරිසක් වනු ඇත.

මෙහි වැදගත්කමක් තිබේද

රටට විවිධ රූපවාහිනි නාලිකාවලින් ගුවන් විදුලි නාලිකාවලින් හතු පිපෙන්නාක් සේ ජාතියට නිවේදක නිවේදිකාවන් දායාද කරනු ඇත. එය පැසසිය යුත්තකි. එහෙත් මෑත කාලයේ මෙලෙස ජාතියට දායාද කළ නිවේදක නිවේදිකාවන් තම වෘත්තියට අදාළව නිසි නිපුණතාවයක් නොමැතිවීම මේ හැම ජනතා හදවත් තුළ රැුදෙන්නට අපහසු වී ඇත. නිවේදකයෙකු හෝ නිවේදිකාවක ලෙස සියලූ ගුණාංගයන්ගෙන් සපිරි ඒ මහා පෞරුෂය රට නිවැරදි දිශාවට යොමු කරදීමේ අවශ්‍යතාවය අද රටට අවබෝධ වී ඇත. ඒ මහා ජාතික අවශ්‍යතාවයට ජාතික ගුවන් විදුලිය ලෙස අපි දෙවුර මත තබන්නට අදිටන් කර ඇත්තෙමු. එය කටහඬට අරුතක් 2020 වැඩසටහනයි.

මේ සඳහා ජාතික ගුවන් විදුලිය උර දුන්නේ ඇයි

ලෝකයේ දෙවන ගුවන්විදුලි ආයතනය ලෙසත් ආසියාවේ ප‍්‍රථම ගුවන්විදුලි ආයතනය ලෙසත්  1925 දෙසැම්බර් මස 16 දින ආරම්භවී දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිතව, 1967 වර්ෂයේ සංස්ථාවක් බවට පත්වී ගෙවීගිය වසර 95 කට අධික කාලයක් ලාංකික ජනතාවගේ දැනුම, රසාස්වාදය, නිපුණතා සහ ආකල්ප වර්ධනය ස`දහා සංස්ථාව දායකවී තිබේ. ජාතික ගුවන්විදුලිය වශයෙන් මහජන ගුවන්විදුලියක කාර්යභාරය ඉටුකිරීම ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත පැවරුණු ප‍්‍රධාන වගකීම වන්නේය.

ගුවන් විදුලිය මීට දශක ගණනාවකට පෙර සිටම මේ කටයුත්ත යම් දායකත්වයක් සැපයීය. විශේෂයෙන් මීට දශක පහකට පමණ කාලය තුළ ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් මුළු රටම වැළඳගන්නා ලදී. ඔවුන් මුළු රටේම ජනතාවට සමීප වූ අතර, ඔවුන් රටේ මුළු මහත් අසන්නන්ගේම කුලූපඟ මිතුරන් විය. ඔවුන්ගේ දැනුම, චතුරත්වය, ඉදිරිපත්කිරීමේ විලාශය  සහ නිවැරදි බස හැසිරවීම රටක් වැළඳගන්නට හේතු විය. එදා එම ශිල්පීන්ගේ දක්ෂතාවයන්හි විවිධත්වයක් පෙන්නුම් කරන ලදී.

සිරිල් රාජපක්‍ෂ, බර්ටි ගලහිටියාව, අශෝක සිල්වා, තිස්ස ජයවර්ධන, රම්‍යා වනිගසේකර යන සන්නිවේදකයන් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ ඉදිරිපත් කරන අවස්ථාවන්හිදී ජනතාවට සෙසු දෑ අමතක විය. තවද, එම ප‍්‍රවෘත්තිය ප‍්‍රවෘත්තියක්ම විය. ලලිත් එස්. මෛතී‍්‍රපාල, කරුණාරත්න අබේසේකර, චිත‍්‍රානන්ද අබේසේකර, පේ‍්‍රමකීර්ති ද අල්විස්, ආනන්ද පුංචිහේවා, සීලරත්න සෙනරත් නිවේදකයින් ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන විලාසයට රටම ආදරය කරන ලදී. මේ උදාහරණ කීපයක් පමණි. මේ අයගෙන් බහුතරයක් අපෙන් වියෝ වුවද ඔවුන්ගේ හඬ සහ හෙඬ් රසය කවදාවත් අපෙන් වියෝ වෙන්නේ නෑ. එවැනි ශ්‍රේෂ්ඨ පරපුරක් ජාතියට දායාද කිරීමේ ඉමහත් ගෞරවය ගුවන් විදුලියට නිතැතින්ම හිමිවන්නකි.

රටේ අප‍්‍රසාදයට ලක්වී ඇති නිවේදක කලාව යළි නගා සිටුවීම ස`දහා අලූත් පරපුරක් බිහිකිරීම, ඔවුන් නිවැරදි ඉලක්කය කරා රැුගෙන යාමේ ජාතික මෙහෙවර ඉටුකළ යුත්තේ ගුවන් විදුලි සංස්ථාවම විසිනි.

ඒ සඳහා අපට ඇති ශක්තිය

රටේ  ඕනෑම රූපවාහිනි ආයතනයක හෝ ගුවන් විදුලි ආයතනයක නිවේදකයෙක් නිවේදිකාවක් ලෙසින් නමක් දිනා ගත්තෙක් වී ද ඔහු හෝ ඇය නිවේදක කලාව පිළිබඳව අත්පොත් තබා ඇත්තේ බොහෝවිට ගුවන්විදුලිය තුළිනි.

එයට හේතුවු කරුණු කීපයකි. නිවේදක පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීමට ඇති අවකාශය, සහන නිවේදකයකු ලෙස සංස්ථාවට එකතුවී ඔවුන්ට සිය කුසලතාවය ප‍්‍රගුණ කරන්නට ඇති අවකාශය ගුවන්විදුලි සංස්ථව අවකාශ සලසා දී තිබීමයි.

මේ කටයුත්ත ඉටු කිරිම සඳහා අපට ඇති ශක්තිය සුවිශාලයි.

1    මුළු රටම ආවරණය වන ජාතික නාලිකා පද්ධතිය
2    රට පුරා විසිර පවතින ප‍්‍රාදේශීය සේවා පද්ධතිය
3    පරිණත කුසලතා පිරි කාර්ය මණ්ඩලය
4    පුහුණු අභ්‍යාස ආයතන උපකරණ පහසුකම්
5    ගුවන් විදුලි නාලිකා රැුසකින් සමන්විත වීම

මේ මහා ජාතික මෙහෙවර ඉටුකරන්නේ

ශී‍්‍ර ලංකාවේ  ඕනෑම පළාතක සුදුසුකම් සපුරන  ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැක.
1    වයස අවුරුදු 18-30 ත් අතර අයෙකු වීම
2    අ.පො.ස. (සා.පෙළ* , අ.පො.ස. (උ.පෙළ* සමත් වීම
3    කුසලතාවය (මුලික සුදුසුකම්*

අයදුම්පත් ලබාගැනීම

x    සංස්ථාවේ නිල වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. අඅඅගිකඉජගකන
x    ප‍්‍රධාන කාර්යාලය රජරට, කඳුරට, රුහුණු, වයඹ, දඹාන, පිරෙයි එෆ්.එම් සහ යාපනය ආදී ප‍්‍රාදේශීය සේවාවන් වෙතින් ලබාගත හැක.
 
අයදුම්පත් යොමුකිරීම

x    නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් අධ්‍යක්‍ෂ ජනරාල්, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ - 07 ලිපිනයට ලියා පදිංචි තැපැලෙන් යොමුකිරීම. (ලිපි කවරයේ ඉහළ වම්පස කෙළවර  ර්‍ණකටහ`ඩට අරුතක් 2020” වශයෙන් ස`දහන් කළ යුතුය*
x    සම්පූර්ණ කළ අයදුම් පත‍්‍රය ප‍්‍රධාන කාර්යාලය රජරට, කඳුරට, රුහුණු, වයඹ, දඹාන, පිරෙයි එෆ්.එම් සහ යාපනය ආදී ප‍්‍රාදේශීය සේවාවන්ට භාර දීම.
x    ඊමේල් ම`ගින් යොමු කිරීම -  න්ඒය්බා්ඒ්රමඑය්න2020?ටප්සකගජදප  

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය

x    2020 මාර්තු මස 14 වන දින
අයදුම්පත් භාරගැනීම අවසන් වීමෙන් අනතුරුව හ`ඩ පරීක්‍ෂණ සහ සම්මුඛ පරීක්‍ෂණ ස`දහා සංස්ථාව විසින් දැනුම්දීම් කරනු ඇත.

 අයදුම් පත‍්‍රය
www.slbc.lk/NM/SLBC-Katahandata-Aruthak-2020-Application-Form-Sinhala.pdf