Wed04012020

Last updateSat, 22 Feb 2020 6pm

Local News

කලාව හා සංස්කෘතිය පෝෂණය රැකගැනීමට නිරතුරු ක්‍රියාකරන බව අගමැතිවරයා කියයි

රටේ ජීවනාලිය බදු කලාව හා සංස්කෘතිය රැකගැනීමට නිරතුරු ක්‍රියාකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. කොළඹ නෙථම් පොකුණ රගහලේදි අද පස්වරුවේ පැවැති 35 වන කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙලට පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කර තිබිණි. ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මාන උළෙලට එක්විය. බුද්ධ ශාසන .සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය මුස්ලිම් ආගමික හා සංස්කෘතික හින්දු ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව එය සංවිධානය කර තිබිණි. කලාකරුවෝ 200 කට අධික පිරිසක් එහිදි කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුහ. ප්‍රවිීන ගුවන් විදුලි නිවේදක සෝමසිරි චන්ද්‍රසේන මහතා ද ඒ අතරවිය.