Mon04062020

Last updateSat, 22 Feb 2020 6pm

Local News

රටපුරා පවතින තරුණ උද්දිපනය සංවර්ධන ක්‍රියාවලියට එක් කර ගැනිම වැදගත් බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති චන්ද්‍රා ඇඹුල්දෙනිය මහතා කියයි

වරාය නගර සැලැස්ම සමස්ත ලෝකයටම විවෘත කළ යුතු යැයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ඇඹුල්දෙණිය මහතා පවසයි. වරාය නගරය පිළිබඳව ආයෝජකයින් කැදවා දැනුවත් කිරිම සිදුකළ යුතුය. මෙතෙක් වරාය පරිශ්‍රයට තිබුණේ වර්ග මිටර් ලක්ෂ 04 ක ප්‍රමාණයකි.නව වරාය නගරය අවසන් විමෙන් පසු වර්ග මීටර් දහතුන් ලක්ෂයක් රටට ලැබේ.ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් ඇඹුල්දෙණිය මහතා මේ බව පැවසිය. වරාය නගරය සැලසුම් කර ඇති ආකාරය අනුව එය ආයෝජන කේන්ද්‍රිය ආකර්ෂණිය ස්ථානයක් බවට පත්වනු ඇත. බහුනිපුනතා සහිත පුද්ගලයින් රටට අවශ්‍ය වී තිබේ. වර්තමානයේ බහුලව සිටින්නේ එක් විෂය ක්ෂේත්‍රයකට පමණක් දක්ෂතා දක්වන අය පමණි.විදේශ ශිෂ්‍යත්ව වලට ගොස් පැමිණෙන නිලධාරින් එම ලබාගත් දැනුම රට වෙනුවෙන් නිසියාකාරව යොදවන්නේ නැතිබ වද ඔහු පෙන්වා දෙයි. ඩිජිටල්කරණය සමග වෙනස් විය යුතු අංශ රැසකි.ආර්ථිකය නගා සිටුවිමට නම් නිෂ්පාදනය වැඩි කළ යුතුය.රටපුරා සිටින තරුණ පරපුර දැන් විශාල උද්දීපනයකින් ක්‍රියා කරයි. එය සතුටුදායක තත්ත්වයකි.තාප්පවල චිත්‍ර ඇදිම . වටිනා ක්‍රියාවක ආරම්භය බව ඔහු පෙන්වා දෙයි. රට වෙනස් විය යුතු බව තරුණ පරපුරද අවබෝධ කරගෙන සිටිම මෙයින් පැහැදිලිවන බව ඔහු කියා සිටි