Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Local News

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ගොනු කළ පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට නිතිපතිවරයා සූදානම්

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම පිලිබදව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචනා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නිතිපතිවරයා අධිකරණයට ඊයේ දැනුම් දුන්නේය. ඒ අනුව නිතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එම පෙත්සම් විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන ලෙස පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.