Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Local News

රාවණා වන් . පෘථිවියට ඉහලින් සාර්ථකව කක්ෂගත කෙරේ

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් නිර්මාණය කළ මෙරට පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ඊයේ සිදු විය. ඒ අනුව පෘතුවියේ සිට කිලෝමීටර් 400 ක දුරින් පවතින චන්ද්‍රිකා කක්ෂය වෙත එය මුදාහැරීම ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ පස්වරු 03.45 ට සිදුවු බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි. ජපානයේ තාක්ෂණික සහයෝගිතාව ඇතිව නිර්මාණය කළ රාවණ වන් නැමති එම චන්ද්‍රිකාව පසුගිය අප්‍රේල් 18 වැනිදා අමෙරිකාවේ නාසා ආයතනයට අයත් මධ්‍යම අත්ලාන්තික් කලාපීය අභ්‍යාවකාශ තොටුපලෙන් අභ්‍යාවකාශ ගත කෙරිණි. අප්‍රේල් 19 වැනිදා එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය. මොරටුව කටුබැද්දේ පිහිටි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ දී මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සජීවීව නැරඹීමට ජනතාවට අවස්ථාව හිමි විය.
මෙම අවස්ථාවටට එක්වු ඇමති සුජිීව සේනසිංහ මහතා සදහන් කළේ මෙය ශ්‍රී ලංකාව ලැබු විශාල ජයග්‍රහණයක් බවයි.

ශ්‍රී ලාංකිකයින් සතු දක්ෂතා ජාත්‍යන්තරයේ පිළිඹිබු කිරීමට මෙමගින් අවස්ථා ලැබුණු බව මහාචාර්යය චන්දන ජයරත්න මහතා කියයි.