Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Local News

මිල අධික විදුලිජනන වසර එක හමාරකින් සම්පූර්ණයෙන් විසන්ධි කිරීමට සැලසුම්

මිල අධික විදුලි ජනන තවත් වසර එක හමාරකින් සම්පුර්ණයෙන් විසන්ධි කරන බව රවී කරුනානායක ඇමතිවරයා කියයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී ඇමතිවරයා පැවසුවේ පාරිබෝගිකයින් පිලිබද වැඩි අවධානයක් යොමු කොට රජය විධිමත් සැලසුමක් යටතේ විදුලිය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි. පෞද්ගලික අංශයේද දායකත්වය විදුලිය සැපයුමේදී වැදගත් වේ. ජනනය කිරීමේ වියදම් අවම කල යුතු බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. පාරිබෝගිකයින් අපහසුතාවයට පත් කරන මිල අධික විදුලි ජනන ක්‍රියාවලීන්ගෙන් ඈත් වීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.