Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Local News

1990 සුවසැරිය ගිලන් රථ ළගදීම නැගෙනහිරටත්

1990 සුවසැරිය ගිලන් රථසේවාව ළගදීම නැගෙනහිර පළාතටත් හදුන්වා දෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරි රොහාන් ද සිල්වා මහතා පවසයි.  ඒ සමගම එම සේවාව දිවයිනේ සියථම පළාත් වෙත හදුන්වා දීම අවසන් වන හෙතෙම පවසයි. 2016 ජ්ුලි 27 වැනිදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන් සුව සැරිය ගිලන් රථ සේවාව මේ වනවිට ජනතාව අතර වඩාත් ව්‍යාප්තවි තිබේ.  මේ දක්වා මෙම සේවාවෙන් සහන ලබාගත් රෝගිීන්ගෙන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි.  සුවසැරිය ගිලන්රථ සේවාව වඩාත් ව්‍යාප්තවී ඇත්තේ බස්නාහිර පළාතේයි.  1990 ට අමතරව තම දුරකථනයට යෙදවුමක් ඇතුලත් කර ගැනිම තුළින්ද මෙමගින් කඩිනම් සේවාවක් ලබාගත හැකිය. දිවයිනේ පොලිස් ස්ථාන මුල්කොට 1990 සුවසැරිය ගිලන් රථ ස්ථාන ගතකර තිබේ.  දිනකට රෝගින් 790 කට වැඩි පිරිසකට මෙමගින් සේවා සැපයේ..  නොමිලේ ක්‍රියාත්මක මෙම සේවාවෙන් උපරිම ප්‍රයෝජන ගැනිමට ජනතාව උනන්දු වියයුතුය.  රෝහල වෙත ගෙන යන අවස්ථාවේදී අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබාදිමට හැකි කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථයේ සිටින බවද රොහාන් ද සිල්වා පවසයි.