Thu02212019

Last updateThu, 14 Feb 2019 9am

Local News

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ අති පාරිශූද්ධ ථේරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වු අතිපාරිශුද්ධ ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ අරමුණීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.  ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමේ ජාතික මහෝත්සවය ඉකුත් 05 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික මාතලේ අලුවිහාරේදී පැවැත්විණි.

  ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස පත්කලා සේ එය ලෝක උරුමයක් බවට පත්කිරීමට ඉදිරියේදි මැදිහත් වන බව ජනාධිපතිතුමා එම උත්සවයේදි කිවේය.  කැබිනට් අනුමැතිය හිමිවු යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනේ.  මේ පිලිබඳව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරිමට ද ක්‍රියා කෙරුණි.  ඒ සඳහා ථේරවාදි බෞද්ධ ආගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයෝ එක්ව සිටියහ.