Mon04222019

Last updateSun, 21 Apr 2019 1pm

Local News

ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් ගෙවා දැමේ

අමෙරිකානු ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් අද ගෙවා දැමු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් මෙම විදේශ ණය වාරිකය ගෙවා ඇත.  මහා භාණ්ඩාගාරයෙන් මහා බැංකුව වෙත නිකුත්කළ විදේශ මුදල් වලින් එම ගෙවීම සිදුකළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 

අප්‍රේල් 15 වැනිදා තවත් ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවිමට නියමිතව තිබේ.  ඉතිහාසයේ වැඩිම විදේශ ණය මුදල් ප්‍රමානය මෙම වසරේදි ගෙවිමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  ඩොලර් බිලියන 5 යි දශම 9 ක් ගෙවිමට නියමිතව ඇත.  මේ අතර අමාත්‍ය මංගල සමරවිර මහතා දැන් අමෙරිකාවට ගොස් සිටී.  ඔහු හෙට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.  එම අරමුදල ලබාදිමට නියමිතව තිබී නතර කර ඇති ණය මුදල ආපසු ලබාගැනිම සාකච්ඡාවල අරමුණයි.