Local News

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා සකස් කිරීමට ඉදිරියේදී කමිටුවක්

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය යෝජනා ඉදිරිපත් කර නැතැයි සංචාරක හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.  ඒ පිළිබදව මෙතෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැතැයි ඇමතිවරයා සදහන් කරයි..  වනජීවී උද්‍යාන නැරඹීම සදහා විද්යුත් අවසරපත් නිකුත් කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් අද පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය.  කුමණ යෝජනාවක් ගෙන ආවද ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් හිමිවිය යුතුය.  ඇතැමුන් මෙම යෝජනා රට බෙදන යෝජනා බවට චෝදනා කරන්නේ පටු දේශපාලන වාසි අපේක්ෂාවෙනි. ව්‍යවස්ථා සංශෝධන යොජනාවලිය සකස් කලේ  විවිධ පාර්ශව සාකච්ඡා කිරීමෙන් පසුවයි. සියඵ ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂාවන යෝජනාවලියක් රටට අවශ්‍ය වෙයි.  මේ සදහා එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා ඉදිරියේදී කමිටුවක් පත්කරන බව ඇමතිවරයා පැවසීය.