Local News

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමතුන්ට අදාල කඩඉම් ලකුණු ලබන මස 20 වැනිදාට පෙර නිකුත් කෙරේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් ලබාදිමට අදාල කඩඉම් ලකුණුලබන මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා පවසයි. 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 15 වැනිදාට පෙර සිදු කිරීම ඉලක්කයයි. ජනප්‍රිය පාසල් ලබා ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති අයදුම්පත් පරිගණක ගතකිරීම මේ දිනවල සිදු වෙයි.