Tue01232018

Last updateMon, 22 Jan 2018 7pm

Local News

ජාතීන් අතර සංහිදියාව ගොඩනංවමින් රට සංවර්ධනය කරා ගෙනයාමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ කැපවීම ජගත් මහලේකම්වරයාගේ ඇගයීමට

දැන් දිවයිනේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කී මුන් මහතා අද ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත විය. ගාල්ල. හෝල් ඩි ගෝල් ශාලාවේ පැවැති තරුණ තරුණියන් සංහිදියාව කරා යොමු කරවීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ රටක සංවර්ධනය සදහා තරුණ තරුණියන්ට දායකවිය හැකි ක්‍රම රැසක් ඇති බවයි.

ආර්ථික . සමාජීය. ආගමික. සංස්කෘතික. හා ක්‍රිඩා ඒ අතර වෙයි. එම ක්‍රියාමාර්ග රටේ කිර්තිනාමය ජාත්‍යන්තරයට පැතිරවීමටද ඉවහල් වෙයි. ජාති ආගම් කුල භේදවලින් තොරව සියඵ ජනකොටස් එක්ව ජීවත්වන රටක් බවට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇතැයිද ජගත් මහලේකම්වරයා පැවසීය. ජාතීන් අතර සංහිදියාව ගොඩනංවමින් රට සංවර්ධනය කරා ගෙනයාමට ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ කැපවීම ඔහුගේ ඇගයීමට ලක්විය.


ජගත් මහලේකම්වරයා ගාල්ල. කොටුව. පුරාණ විහාරස්ථානයේ ආගමික වත්වත්වලටද සහභාගී විය. ගයන්ත කරුණාතිලක හා චන්දිම වීරක්කොඩි යන ඇමතිවරුද දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර හා ප්‍රධාන ඇමති ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

තහනම ඉවත්කීරිමෙන් පසු ශ්‍රී ලංකාව යුරෝපා රටවලට අපනයනය කළ මත්ස්‍ය ප්‍රමාණය ටොන් 600 ඉක්මවයි.

යුරෝපා සංගමය පනවා තිබු මත්ස්‍ය ආනයන තහනම පසුගිය ජුනී  21 වැනිදා ඉවත් කිරීමෙන් පසුව අගෝස්තු 14 වැනිදා දක්වා වු මාස දෙකකට ආසන්න කාලය තුළ මසුන් ටොන් 600 ක් යුරෝපා රටවලට අපනයනය කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා කියයි.

Read more...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත නව ආර්ථික සහ තාක්‍ෂණික ගිවිසුම කඩිනමින් සකස් කිරීමට අපේක්ෂා කරන බව අගමැති පවසයි

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික සහ තාක්‍ෂණීක ගිවිසුම පිලිබඳව සිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  රටේ ආර්ථික සබඳතාවල මුලික රාමුවට අනුකුලව එම ගිවිසුම සකස් කිරීමට තීරණය කර තිබේ.  කඩිනමින් එය අවසන් කර ඉදිරියට යාම අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.  තම ඉන්දීය සංචාරයේදී එරට විදේශ කටයුතු ඇමතිනිය හා ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ සභාපතිනිය. හමුවි සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු  බවද ඔහු කීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් තොටුපලක්

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකෙරේ.  ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සදහා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය අනුමත කර තිබේ.  ඌව හා සබරගමුව හැර දිවයිනේ සෙසු සියලුම පළාත්වල අභ්‍යන්තර ගුවන් තොටුපල ඉදිකර තිබේ.

Read more...

ජනාධිපතිතුමා කල ප්‍රකාශයක් වැරදි අර්ථ නිරුපණයට ලක් කිරිමට බංකොලොත් දේශපාලන කණ්ිඩායමක් උත්සහ කරමින් සිටින බව ඇමති කබිර් හෂිම් මහතා කියයි.

ජනාධිපතිතුමා පසුගිය දා කල ප්‍රකාශයක් වැරදි අර්ථ නිරුපණයකට ලක්කිරිමට බංකොලොත් දේශපාලන කණ්ඩායමක් ප්‍රයත්න දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි ජාතික ආණ්ඩුව තුල පුපුරා යාමක් හෝ ප්‍රධාන පක්ෂ දෙක අතර සමගිය බිදවැටිමක් සිදුවි නොමැති බව අමාත්‍යවරයා අවධාරනය කරයි. කැගල්ල වට්ටාරම ඵෙතිහාසික රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කෙරෙන
ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පිලිබදව අද එම විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු ඔහු මේ බව ප්‍රකාශ කලේය.

Read more...