Featured News
වයඹ රේඩියෝ හි 9 වන සංවත්සරය අද
- Details
- Published on 07 February 2018
- Written by slbc news
ජාතික ගුවන් විදුලියේ වයඹ රේඩියෝ හි 9 වන සංවත්සරය අදට යෙදී තිබේ. ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රාදේශීය සේවා ජාලය පුඵල් කරමින් 2009 වසරේ පෙබරවාරි 7 වන දින එය ආරම්භ කෙරිණ. ඒ නිමිත්තෙන් කුරුණෑගල නිශ්ශංක මාවතේ පිහිටි වයඹ රේඩියෝ පරිශ්රයේ දී අද සර්වරාත්රික පිරිත් දේශනාවකි. පිරිත් දේශනය එෆ් එම් 90 යි දශම 1 වයඹ රේඩියෝව ඔස්සේ සජීවිව විසුරුවා හැරේ. නව වන සංවත්සරය නිමිත්තෙන් මෙම මාසය පුරා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබේ.