Sat03282020

Last updateSat, 22 Feb 2020 6pm

Business News

වරාය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් දින 51 රජය ගත් තීන්දු ක්‍රියාත්මක කිරිම කල්තැබේ

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමා සහිත ජයබහාලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරිමට  දින 51 රජයේ වරාය අමාත්‍යවරයා ගත් තිරණ ක්‍රියාත්මක කිරීම මාර්තු තෙක් කල්දැමීමට අමාත්‍ය සාගල රත්නායක මහතා තීරණය කරයි.  වරාය අධිකාරියේ සහ එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනේ.  වරාය ගාස්තු සංශෝධනය පිළිබඳ තිරණය දින 51 ක රජයේ කැබිනට්ටුව ගත්තද ඊට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල විය.  එබැවින් ලබන 15 වැනිදා දක්වා කල්තැබීමට අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ සංදේශයට ඇමති මණ්ඩල අනුමැතිය අද ලැබුනි.

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30 ඉක්මවනු ඇතැයි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ පුහුණු ආයතනය පවසයි.  මෙවර කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 8 ඉක්මවා වගාකර ඇති අතර පුරන් කුඹුරු අක්කර 27 දහසක්ද යළි වගාවට එක්කර තිබේ.  මෙරට සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී වගාකර ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි.

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාමත් සමග ආනයනික වාහන මිල ගණන් ් ඉහළ යා හැකියි


අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාමත් සමග ආනයනික වාහන මිල ගණන් ් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා ප්‍රකාශ කලේ සියයට 15ත් 20 ත් අතර ප්‍රමාණයකින් වාහන මිල ඉහළ යා හැකි බවයි.

යාල වනෝද්‍යානයට වාර්තාගත ආදායමක්

යාල ජාතික වනෝද්‍යානය මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුලදී රුපියල් මිලියන 621 ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි එහි භාරකරු ඩී. පී. ශ්‍රියාසිංහ මහතා පවසයි.

එම කාලය තුලදි දේශිය සංචාරකයන් එක්ලක්ෂ හැත්තැහය දහසකට අධික සංඛ්‍යාවක් සහ විදේශිය සංචාරකයන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් වනෝද්‍යානය නැරඹිමට පැමිණ තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොලේ අද ගණුදෙනුවලදී සියඵ කොටස් මිලදර්ශකය ඒකක 35 යි දශම 3 කින් ඉහළ ගියේය.