Sat05302020

Last updateSat, 22 Feb 2020 6pm

Business News

හම්බන්තොට කාබනික ගෙවතු වගාව ව්‍යාප්ත කෙරේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාබනික ගෙවතු වගාව ව්‍යාප්ත කෙරේ. මෙවර මහකන්නයේ දිස්ත්‍රික්කය පුරා කාන්තා සමිති මුලික කාබනික ගෙවතු වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එක් ග්‍රාම නිලධාරී වසමකින් කාන්තාවන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ගෙවතු 50 ක් වගා කෙරේ. අවශ්‍ය දේශිය එළවඵ අතිරේක ආහාර බෝග සහ පලතුරු බීජ නොමිලේ සැපයේ. දිස්ත්‍රික්කය පුරා වගා කෙරෙන ගෙවතු සංඛ්‍යාව විසිඅටදහස් අටසියයකි.