Wed11142018

Last updateWed, 14 Nov 2018 2pm

Business News

කාර්මික ලෝහවල මිල ගණන් සැලකිය යුතු පමණින් පහතට

චීන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය බදු පැනවීමෙන් පසු ප්‍රධාන කාර්මික ලෝහවල මිල ගණන් සැලකිය යුතු පමණින් පහත වැටී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලොව තඹ ඉල්ලුමෙන් සියයට 40 ක දායකත්වයක් සපයන්නේ චීනයයි. එබැවින් තඹ මිල සඳහා එම සාධකය අයහපත් ලෙස බලපාන බව ඔවුහු පෙන්වා දෙති. නිව්යෝර්ක් වෙළඳපලෙහි තඹ මිල පසුගිය දිනවලදී සියයට 15 කින් අඩු වී තිබිණි. මේ අතර අප්‍රේල් මාසයේදී වේගයෙන් ඉහළ ගිය ඇලුමිනියම් මිලද මේ වන විට සියයට 11 කින් අඩු වී තිබේ.