Wed11142018

Last updateWed, 14 Nov 2018 2pm

Business News

ශ්‍රි ලංකා සිංගප්පුරු වෙළඳ ගිවිසුම පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කෙරේ

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරු රජය අත්සන් කළ වෙළඳ ගිවිසුම පිලිබඳව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහි ඇතුලත් කරුණු පැහැදිලි කරමින් මහානායක හා අනුනායක ස්වාමින්වහන්සේට ලිපියක් යොමුකර තිබේ.  එමගින් ගිවිසුම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ඇතුඑ පිරිසක් ඉදිරිපත් කර ඇති ප්‍රධාන චෝදනා කිහිපයකට ද පිලිතුරු ලබාදි ඇත.  මෙම ගිවිසුමට නීතිපතිවරයාගේ නිරික්ෂණ ලබාගැනීමෙන් පසු එහි අවසන් කෙටුම්පත මේ වසරේ ජනවාරි 16 වැනිදා ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් බව ද එහි දැක්වේ.  මෙරටට වෙළඳූ ප්‍රතිපත්තියක් නොමැති බවට පැතිරෙන්නේ දුර්මතයකි.  2017 අගෝස්තු 01 වැනිදා කැබිනට් අනුමැතියක් සහිතව නව වෙළඳ ප්‍රතිපත්තියක් සම්මත කර ඇති බව ඇමතිවරයා කියා සිටි.  එම ප්‍රතිපත්තිය සකස්කර ඇත්තේ වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වෙළඳූාමට අදාල සියලු රාජ්‍ය ආයතන. කර්මාන්ත සංගම්. වානිජ මණ්ඩලවල අදහස් ලබා ගනිමිනි.  ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සරත් රාජපතිරාජ මහත්මයාගේ මුළිකත්වයේන යුත් කමිටුවක් සිදුකල කෙටුම්පත් ගනනාවකින් පසු මෙම ගිවිසුම සකස්කර තිබේ.  පුද්ගල සේවා සැපයිමට සිංගප්පුරු මිනිස් බල සමාගම් පිහිටුවන බවත්.   එහිදී විවිධ කම්කරු රැකියා අවස්ථා එම රටවල ජනතාවට උදාවන බවටත් එල්ලවී ඇති චෝදනා ඇමතිවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි.  අවශ්‍ය නම් ගිවිසුම අත්සන් කොට වසරක් තුල දෙපාර්ශවය සාකච්ඡා කර තීන්දු තිරණ ගතහැක.  එසේම දෙපාර්ශවයෙන් ඕනැම පාර්ශවයකට මාස 12 ක දැනුම්දිමෙන් පසුව සම්පුර්ණයෙන් අවලංගු කල හැකිවෙයි.  මේ අතර ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුනවර්ධන මහතා කථානායක වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.  එම ඉල්ලිම ලිඛිතව කර ඇතැයි ද වාර්තා වෙයි.