Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

Business News

ඉකුත් මාර්තු මාසයේදී අපනයන ක්‍ෂේත්‍රයෙන් ඉහළම අගයක්

 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදීි විදේශිීය ආයෝජන හා මුල්‍ය ගිවිසුම් 52 කට අත්සන් තබා ඇත. ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 5022 කි. ඉකුත් වසරේ මෙරටට මුල්‍ය දායකත්වය ලබාදුන් ප්‍රධානතම රට වන්නේ චිනයයි. මෙම මුදලින් සියයට විසිඑකකට වැඩි ප්‍රමාණයක් ඔවුන් ලබාදි ඇත. ඉන් අනතුරුව ජපානය. ලෝක බැංකුව. ආසියානු සංවර්ධන බැංකුව සිටි.

.මේ වසරේ මාර්තු මාසයේදී කුඩා පෙට්‍රල් මෝටර් රථ සහ දෙමුහුන් රථ ආනයනය ඉහළයාම හේතුවෙන් පෞද්ගලික භාවිතය සදහා වන රථවාහන ආනයන වියදම් ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ. මේ වසරේ මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සදහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව අනාවරණය කරයි. මාර්තු මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1979 කි. ඉන් ඩොලර් මිලියන 150 ක් වියදම් කර ඇත්තේ රථවාහන ආනයනය වෙනුවෙනි. 2017 වසරේ එම මාසයේ ඒ සදහා වැයවී ඇත්තේ ඩොලර් මිලියන 74 යි දශම 5 කි.