Tue12182018

Last updateSat, 15 Dec 2018 1pm

Business News

පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධවල මිල පාලනයක් ඉදිරි දින වලදි

 

පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධවල මිල පාලනයක් ඉදිරි දින වලදි සිදු කරනබව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසය.ි එමෙන්ම පුද්ගලික රෝහල්වල අයකිරිම් සදහා මිල පාලනයක් ඇති කරන බව ඇමතිවරයා පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද වැඩසටහනට එක්වෙමිනි . . පිළිකා වලට ගොදුරු වු රෝගියෙකුට රුපියල් ලක්ෂ 15 දක්වා පමණක් ප්‍රතිකාර ලබාදිමට සීමා වී තිබූ අතර. එම සිමාව දැන් ඉවත් කර තිබෙ.් පිළිකා රෝගින් මියගියේ රෝගය නිසාම නොව ප්‍රතිකාර ගැනිමට මුදල් නොමැතිවිම නිසා බව ඇමතිවරයා පැවසිය
මෙම අවස්ථාවට එක් වු අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පැවසුවේ පසුගිය කාලයේ රෝගියෙකුට එන්නත් ලබාදිම සදහා විවිධ ලිපිලේඛණ රැගෙනඒමට අවශ්‍ය වුබවයි. එහෙත් මේ වනවිට එම සියලු නිතිරිති ඉවත් කර ඇති අතර. රෝගියාට මූල්‍ය සීමාවකින් තොරව ප්‍රතිකාර ලබාදෙන බව හෙතෙම කිය පසුගිය කාලයේ පිළිකා රෝගින්ට දෙන එන්නත් සදහා වාර්ෂිකව වැය කළේ රුපියල් මිලියන 1600 කි . එහෙත් ඉකුත් වසරේ දි ඒ සදහා රුපියල් මිලියන 2500 ක මුදලක් වැය කර ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසිය. අපේක්ෂා රෝහලේ සුවමංසල භාරකාර පූජ්‍ය වෑගංතලේ සීවලි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ 1982 වසරේ සිට සුව මංසල තුලින් රෝගින් ලක්ෂ 22 කට නවාතැන් පහසුකම් සලසා දි ඇති බවයි