Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

Business News

අතිරික්ත එළවඑ මිලදී ගැනිමට සියලු සුපිරි වෙළඳසල් ජාලා එක්වෙයි

මේ කන්නයේ අතිරික්ත එළවඑ මිලදී ගැනිමේ වැඩටසහනට ආර්පිකෝ සුපිරි වෙළඳසල් ජාලය ද එක්වෙයි. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එම වෙළඳසල් ජාලයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා සමග කළ සාකච්ඡාවකට අනුව දැනට අලෙවි වී නැති සියලුම එළවඑ තොග මිලදි ගැනිමට යද්දෙහිගේ මහතා එකගතාව පලකර තිබේ. එමෙන්ම තම වෙළඳ ජාලය ලාභය නොතකා ගත් මිලටම එම එළවඑ පාරිභෝගිකයන්ට නිකුත් කිරිමට ක්‍රියා කරන බව ඔහු කියා සිටි. මේ අතර දඹුල්ල ආර්ථික වෙළඳූ මධ්‍යස්ථානයට ගොස් එහි නියෝජිතයන් සමග නව තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන බව ඇමති සරත් අමුණගම මහතා පැවසුවේ දඹුල්ල වෙළඳ මණ්ඩල නියෝජිතයන් සමග සාකච්ඡාවේදිය.
මේ අතර ගොවීන්ගේ වට්ටක්කා තොග මිලදී ගැනිමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මහාභාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන්කර ඇත. එම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් වෙත මුදාහැර තිබේ. වට්ටක්කා අස්වැන්න මිලදී ගෙන සුදුසු පරිදි වෙළඳපල වෙත නිකුත් කිරිමේ වැඩපිළිවෙලක් ද මේ සමග ඇරඹෙයි. ඉදිරියේදි වෙළඳපල හා කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ වගා කටයුතු සිදුකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් දි තිබේ.