Tue05262020

Last updateSat, 22 Feb 2020 6pm

Business News

ලෝක රබර් සමුඵව කොළඹ දි හෙට සහ අනිද්දා

 

ජාත්‍යන්තර රබර්  අධ්‍යයන කණ්ඩායම සංවිධාන කරන ලෝක රබර් සමුඵව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දි හෙට සහ අනිද්දා  පැවැත්වේ  තිරසර සංවර්ධනය උදෙසා බාධකය ජයගැනිම තේමාව යටතේ  මෙවර සමුඵව පළමු වරට  ශ්‍රි ලංකාවේ පැවැත්විම විශේෂත්වයකි .මෙම සමුඵවට ලෝකයේ රබර් නිෂ්පාදනකරුවන් රබර් වගා කරන රටවල රාජ්‍ය ආයතනවල  නියෝජිතයන් . රබර්  සැපයුම් කරුවන් . ආයතන ප්‍රධානින් ඇතුඵ නියෝජිතයන්  400 කට ආසන්න පිරිසක් සහභාගි වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා පවසයි . මෙම සමුඵව ශ්‍රි ලංකාවට බෙහෙවින් වැදගත් වෙ.්  මෙරට රබර් නිෂ්පාදකයන්ට මෙන්ම මහා පරිමාණ රබර් වගාකරුවන්ට මෙය හොඳ අවස්ථාවක් බව ද  හෙතෙම කිය.   රබර් සදහා හොඳ මිලක් මෙන්ම හොඳ වෙළඳපලක්  හදුනාගැනිමට මෙමගි්න් අවස්ථාව උදාවේ