Tue05262020

Last updateSat, 22 Feb 2020 6pm

Business News

සහල් හා තිරිගු පිටි මිල වැඩි නොවන බව අවධාරණය කෙරේ

සහල් සහ තිරිගුපිටි මිල වැඩිකිරිමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා මුලතිව් හි පැවැති වැඩසටහනකදි කිවේය. 
කිරිපිටි මිල වැඩිවෙන්නේ අද සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සදහා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. මේ නිසා දැනට වෙළෙදපලේ ඇති සම්පුර්ණ යොදය සහිත කිරිපිටිවල මිල ගණන් කිසිසේත් වෙනස් නොවන බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි. ආනයනික කිරිපිටි කිලෝ ග්‍රුමයක මිල රුපියල් 50 කින් ද ග්‍රුම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින්ද ඉහල යනු ඇත. ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 860 ක් ලෙසද ග්‍රුම් 400 ක පැකැට්ටුවක මිල රුපියල් 345 ක් ලෙසද මිල ගණන් සංශෝධනය වි ඇත. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි කිලෝ ග්‍රුමයක මිල රුපියල් 75 කින් ඉහල නංවන ලෙස ඉල්ලිමක් කර තිබුණි. රජය එය ප්‍රතික්ෂේප කලේය