Business News

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රීී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කෙරේ

 

 

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රිී ලංකාවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම එකගත්වය පළ කරයි.  එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 360 ඉක්මවයි.  දැන් මැනිලා හි පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ  51 වැනි සංවත්සර රැස්විමට සහභාගි වන මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා මෙම ව්‍යාපෘති පිළිබඳව එම බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන ඉන්චෑන් සොන්ග් මහතා සමග අද සාකච්ඡාවක් පැවැත්වීය.  ශ්‍රීී ලංකාවේ ආර්ථික වර්ධනය සදහා අදාල ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදල් . ප්‍රදාන සහ තාක්ෂණ ආධාර සපයයි.  ජනතාවගේ විශේෂයෙන් දිළිදු ජනතාවගේ . කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමට මෙම ව්‍යාපෘති ඉවහල් වෙයි.  ඉදිරි පස් වසර තුල ශ්‍රීී ලංකා රජයේ ප්‍රධාන සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සදහා ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව ආධාර සපයයි.  එහිදී රැකියා අවස්ථා උත්පාදනය . ආදායම් වර්ධනය . ග්‍රාමීය ආර්ථික සංවර්ධනය  සහ අපනයන සංවර්ධනය ඇතුඵ ආර්ථික විවිධාංගකරණය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා ඇතුඵ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගි වුහ.