Business News
විකෘති කළ මුදල් නෝිට්ටු බැංකු මගින් මාරු කර ගැනිමට ලබාදි ඇති කාල සීමාව ලබන මස 31 වැනිදා අවසන්
- Details
- Published on 13 February 2018
- Written by slbc news
විකෘති කළ මුදල් නෝිට්ටු බැංකු මගින් මාරු කර ගැනිමට ලබාදී ඇති කාල සිමාව ලබන මස 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රි ලංකා මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය කියයි. මුදල් නෝට්ටුවල පිරිසිදුභාවය රටේ කිර්තියට බෙහෙවින් බලපාන සාධකයකි. සෙසු රටවල් හා සැසදිමේදි මෙරට මුදල් නෝට්ටුවල පිරිසිදුභාවය පහළ මට්ටමක පවති. විදේශිකයන් මෙරටට පැමිණ තම රටේ මුදල් මෙරට මුදල් සමග මාරු කරගන්නා අතර. එහිදි මුදල් නෝට්ටුවල පිරිසිදු භාවය පිළිබඳව ඔවුන් උනන්දු වන බව සෙනෙවිරත්න මහත්මිය කියයි. මුදල් නෝට්ටුවල පිරිසිදුභාවය පිළිබඳව ජනතාව තුළ ඇති දැනුම හා අවබෝධය ඉතාමත් පහත මට්ටමක පවති මුදල් නෝට්ටු අපවිත්රවිමෙන් නියමිත කාලයට පෙර නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට මහබැංකුවට සිදුවෙයි.
කාසි සංචරණයට යොමු කිරිමේ අවශ්‍යතාව ද සෙනෙවිරත්න මහත්මිය පෙන්වා දෙයි. විහාරස්ථානවල හා නිවෙස්වල කැටවල කාසි එක්රැස් විමෙන් මහබැංකුවට ඒවා සකස් කිරිමට සිදු වේ. කාසියක මුහුණතෙහි සදහන් වන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ඒවා සකස් කිරිමට වැය වෙයි. කෙසේවෙතත් රටතුළ කාසි හිගයක් ඇතිවිමට කිසිදු ඉඩක් න ැතැයි ඇය අවධාරණය කළාය. මහබැංකුව ප්‍රමානවත් තරම් කාසි වාණිජ බැංකු වලට යොමු කර තිබෙ