Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

Business News

තරුණ තරුණියන් දසදහසක් තරුණ ව්‍යවසායකයන් බවට පත් කිරිමේ රජයේ වැඩසටහන ලබන මාර්තු මාසයේ සිට

 

තරුණ තරුණියන් දසදහසක්  තරුණ ව්‍යවසායකයන් බවට පත්කිරිමේ වැඩසටහන්   ලබන මාර්තු මාසයේ ආරම්භ කරන බව  ජාතික තරුණ සේවා සභාවේ  සභාපති  හා අධ්‍යක්ෂ ජනරාල්  එරන්ද වැලිඅංගේ මහතා කියයි.  එම තරුණ ව්‍යවසායකයන් ආරම්භ කරන  ව්‍යාපෘති යටතේ එක් ව්‍යාවසායයෙකුට  අවම වශයෙන් දෙදෙනෙකුට රැකියා අවස්ථා   ලබාදිමට හැකි වෙයි.  එමගින් රැකියා ප්‍රශ්නයට ද  විසදුම් ලැබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේ  ජාතික ගුවන්විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට  අද පෙරවරුවේ  එක්වෙමිනි .   බැංකු ණයක් පමණක් ලබාදිම  එහිදි සිදු නොවෙ.්   තරුණ ව්‍යවසායකයන් ආරම්භ කරන  ව්‍යාපාර පිළිබඳව පසු විපරම් සිදු කෙරෙන අතර.  රාජ්‍ය අනුග්‍රහය  ලබාදිම වෙළෙඳපල සපයා දිම  වැනි කටයුතුද  සිදු කෙරේ.   ඇතැම් දේශපාලකයන් තම පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට තරුණ තරුණියන් යොදා ගැනිම කණගාටුවට කරුණක් බව ද  වැලිඅංගේ මහතා එහිදි පැවසිය.  එදා තරුණ දේශපාලනඥයෙකු ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ  සංකල්පයකට අනුව බිහි වූ ජාතික තරුණ සේවා සභාවෙන් මෙරට   තරුණ පරපුරට ඉටු වු මෙහෙවර  ඉමහත් බව ද ඔහු සදහන් කළේය. මෙවර අයවැයෙන් තරුණ සංවර්ධනය සදහා රුපියල් කෝටි  200 ක මුදලක් වෙන් කර ඇති බව ද  ඔහු සිහිපත් කළේය.