Wed01242018

Last updateWed, 24 Jan 2018 1pm

Business News

පකිස්ථාන වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද

 

පකිස්ථාන වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද ඇරඹේ.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස අද ආරම්භක අවස්ථාවට සහභාගි වෙයි.  මෙම ප්‍රදර්ශනය ලබන ඉරිදා දක්වා පැවැත්වේ.  පාකිස්ථාන සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට පෙන්නුම් කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙයි.  ඉංජිනේරු. මෝටර් රථ අමතර කොටස්. කෘෂි උපකරණ. ඇගලුම් සහ රෙදිපිළි . අත්කම් භාණ්ඩ. විලවුන් සහ ශාකසාර නිෂ්පාදන. ඖෂධ. ආහාර . ආභරණ. බුමුතුරුනු. නිමි භාණ්ඩ අංශ රැසක නිෂ්පාදන එහිදී ප්‍රදර්ශනය කෙරේ.  එමෙන්ම පාකිස්ථානයේ ගාන්ධාර හා බෞද්ධ උරුමය විදහා දක්වන විශේෂ කුටියක් ප්‍රදර්ශන භුමියේ විවෘත කෙරේ.  එහිදී නරඹන්නන්ට ඊට අදාල ඩී වී ඩී පොත්පත් සහ වෙනත් ප්‍රකාශන නොමිලේ ලබාගත හැකිය.