Wed07182018

Last updateWed, 11 Jul 2018 10am

Business News

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක්

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක් ලැබෙනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝහණ විජේකෝන් මහතා පවසයි. එම සහල් ඉදිරි මාස හයක කාලයක් සදහා ප්‍රමාණවත් වෙයි. එම නිසා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පළ කරයි. මහකන්නයේ වී වගා කෙරුනු බිම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ හයකි. එහි අස්වනු මේ වනවිට වෙළෙඳපොලට ලැබෙමින් පවති. ඉදිරි යල කන්නයේ වගා කටයුතු ලබන අප්‍රේල් මාසයේ ඇරඹේ. එම කන්නයේ වගා කටයුතු ද සාර්ථක වුවහොත් මෙරට සහල් අවශ්‍යතාව සපුරාලීමට කිසිදු ගැටඵවක් ඇති නොවන බව ඔහු සදහන් කළේය.
මේ අතර. වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ගොවීන්ගෙන් සහතික මිලට වී මිලදී ගැනීමට මණ්ඩලය සුදානම් බවයි.