Wed01242018

Last updateWed, 24 Jan 2018 1pm

Business News

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා කඩිනමින් ව්‍යාප්ත කිරීමට අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට උපදෙස් දෙයි. මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක ඔසුසල් සංඛ්‍යාව 36 කි. අක්කරෙයිපත්තුව. මොණරාගල. පේරාදෙණිය. මාතලේ සහ කෑගල්ල යන නගරවල ඉදිරියේදී ඔසුසල් ආරම්භ කිරීමට නියමිතය. ඊට අමතරව නියෝජිත ඔසුසල් සහ අළෙවිසල් ජාලය පුඑල් කිරීමටද අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබේ.

ශ්‍රි ලන්කන් ගුවන් සේවය වසර 38 ක ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීම ඉකුත් මාසයේ සිදුවුනි.

ශ්‍රි ලන්කන් ගුවන් සේවය වසර 38 ක ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීම ඉකුත් මාසයේ සිදුවුනි.  එහිදි ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවා තිබේ.  මෙය 2016 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 27 ක වැඩිවිමකි.  වැඩිම ආදායමක් ලැබී ඇත්තේ ගුවන් ප්‍රවාහන සේවා කටයුතුවලිනි.

රාජ්‍ය අංශයේ ලක්ෂ 9 ක් අග්‍රහාර රක්ෂණයට එක්වේ

 

රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ 9ක් මේ වන වට අග්‍රහාර රක්ෂණයේ දායකත්වය ලබා සිටින බව ජාතික රක්ෂණ භාරයේ ප්‍රධාන විධායක සනත් සි ද සිල්වා මහතා පවසයි. එම සංඛ්‍යාව පවුල් වශයෙන් ගත්විට ලක්ෂ 25 කට රක්ෂණ ආවරණයක් ලැබි තිබේ. පසුගිය වසරේ රක්ෂණ ආවරණය සදහා ජාතික රක්ෂණ භාරය වැය කර ඇති මුදල රුපියල් කෝටි 180කි. ඉහල ප්‍රතිලාභ ලබාදිම සදහා රන් හා රිදි රක්ෂණ ක්‍රම හදුන්වා දි තිබේ. සෞඛ්‍ය කටයුතු සදහා වැය වන මුදලින් සියයට අසුවත් අනුවත් අතර මුල්‍ය ප්‍රතිපාදන මෙයින් සලසා ගත හැක. අග්‍රහාර රක්ෂණය ක්‍රමය සංස්ථා හා සංස්ථාපිත ආයතනවලටත් දැන් හදුන්වා දි තිබේ. එහි මසක වාරිකය රුපියල් දහසකි. ආයතන 30 ක් පමණ දැනටමත් ඒ සදහා සම්බන්ධ වි ඇත

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි

ඉකුත් 18 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වෙළෙද භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම ගැසට් නිවේදන මගින් සිදු කර ඇත්තේ උම්බලකඩ ඇතුථ භාණ්ඩ කිහිපයක් මත 2017 ජුලි 19 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පැනවු බදු අනුපාත එලෙසම ක්‍රියාත්මක කිරීමක් බවද එහි සදහන් වෙයි.  ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් භාණ්ඩ බදු ඉහලයාමක් සිදු නොවන අතර ඉදිරි මාස හයක කාලයක් සදහා ද පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

ගෙවතු ගම්මිරිස් වගාව ව්‍යාප්ත කෙරේ

 ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමිව තිඹොල්කැටිය ගොවිජන සේවා කොට්ඨාසයේ ගෙවතු ගම්මිරිස් වගාව ව්‍යාප්ත කෙරේ.  ඒ අනුව මෙවර මහ කන්නයේ ප්‍රදේශයේ ගෙවතු  300 ක  ගම්මිරිස් පැළ  දසදහසක් රෝපණය කෙරිණි.  බදුන්ගත ගම්මිරිස් පැළ ගොවින්ට නොමිලේ සැපයිම කෘෂි රසායනික භාවිතයෙන් තොරව  වගාව සිදු කිරිම විශේෂත්වයක් බව තිඹොල්කැටිය ගොවිජන සංවර්ධන නිලධාරි ආර.්.ජි.එස්. රේණුකා මහත්මිය කියයි.