Mon04222019

Last updateSun, 21 Apr 2019 1pm

Business News

සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට දෙකයි දශම දෙකකින් වර්ධනයට


මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට දෙකයි දශම දෙකකින් වර්ධනය වී තිබේ. ජනවාරි මාසයේදී සංචාරකයෝ දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ්ියහ. එය පැහැදිලි වර්ධනයක් බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඉන් වැඩි පිරිස ඉන්දියානුවෝ වෙති.

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා වැඩි අවධානයක්

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා වැඩි අවධානයක් මේ වසරේදී යොමුකරන බව පී හැරිසන් ඇමතිවරයා පවසයි.  පසු අස්වනු තාක්‍ෂණය ප්‍රවර්ධනය මුලික අරමුණයි.  සේනා දළඹු අර්බුදය අවම කරගැනිමට ජනතාවගෙන් උපරිම සහයෝගයක් අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

වරාය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් දින 51 රජය ගත් තීන්දු ක්‍රියාත්මක කිරිම කල්තැබේ

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමා සහිත ජයබහාලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරිමට  දින 51 රජයේ වරාය අමාත්‍යවරයා ගත් තිරණ ක්‍රියාත්මක කිරීම මාර්තු තෙක් කල්දැමීමට අමාත්‍ය සාගල රත්නායක මහතා තීරණය කරයි.  වරාය අධිකාරියේ සහ එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනේ.  වරාය ගාස්තු සංශෝධනය පිළිබඳ තිරණය දින 51 ක රජයේ කැබිනට්ටුව ගත්තද ඊට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල විය.  එබැවින් ලබන 15 වැනිදා දක්වා කල්තැබීමට අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ සංදේශයට ඇමති මණ්ඩල අනුමැතිය අද ලැබුනි.

වැලිගම සමුද්‍රිය සංචාරක සැලැස්ම

 

දේශිය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට නිල් ආර්ථිකයේ සමුද්‍රිය සංචාරක වැඩපිළිවෙල යටතේ ගාල්ල වැලිගම සමුද්‍රිය සංචාරක සැලැස්ම රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත භාරදෙනු ලැබීය. මිරිස්ස ධිවර වරායෙන් ක්‍රියාත්මක තල්මසුන් නැරඹිමේ සංචාරක ව්‍යාපාරය විධිමත් කිරීමෙන් එය ඇරඹුනි.  මේ වනවිට සමුද්‍රිය සංචාරක ව්‍යාපාරය කෙරෙහි විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවී තිබේ.  එමගින් වැඩි විදේශ ආදායමක්ද ලබාගත හැකි බව වෙදආරච්චි මහතා කියයි.

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30 ඉක්මවනු ඇතැයි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ පුහුණු ආයතනය පවසයි.  මෙවර කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 8 ඉක්මවා වගාකර ඇති අතර පුරන් කුඹුරු අක්කර 27 දහසක්ද යළි වගාවට එක්කර තිබේ.  මෙරට සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී වගාකර ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි.