Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

නවතම පුවත්

උසස් වින්දනයක් සහිත සංගීත කලාවක් ශ්‍රාවකයන් වෙත ගෙන යාමට ගුවන් විදුලි සංස්ථාව සමත් වු බව ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි

 

රාජ්‍ය සංගීත සම්මාන උලෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙඵම් පොකුණ රගහලේ දී ඊයේ පැවැත්විණ.  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධාන කර තිබුණි.  එහිදී සංගීතවේදියෙකු සදහා ජීවිතයට එක් වරක් පිරිනමන යාවජීව සංගීතාභිමානි සම්මානයෙන් ප්‍රවීණ සංගීතවේදී දයාරත්න රණතුංග මහතා ජනාධිපතිතුමා වෙතින් සම්මාන ලබා ගත්තේය.  ඊට අමතරව ප්‍රශස්තම ගායනය සිංහල අංශයෙන් දුමාල් ජේ වර්ණකුලසුරිය හා දෙමළ අංශයේ විජකුමාර් නිරෝෂන් සම්මාන ලැබුහ.  ප්‍රශස්තම ගායනය සිංහල අංශයේ ගායිකාව ලෙස ඩබ්ලිව් ප්‍රියංගනී සහ දෙමළ අංශයේ ගායිකාව ලෙස වී රෝෂනිී ජනාධිපතිතුමා අතින් සම්මාන ලැබුහ.  සංගීත ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් සදහා එහිදී සම්මාන පිරිනැමුනු අතර ඇමති විජයදාස රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක් විය.  සම්මාන උලෙල ඇමතු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සංගීතය ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වන අතර අනිකුත් කලා ක්‍ෂේත්‍ර පෝෂණය සදහා සංගීතය අත්‍යවශ්‍ය බව පැවසීය.  උසස් වින්දනයක් සහිත සංගීත කලාවක් ශ්‍රාවකයන් වෙත ගෙන යාමට ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් තුලින් සිදු විය.  ගුවන් විදුලි මාධ්‍ය තුලින් එදා ඉගෙන ගත් කලාව වර්තමානයේ එෆ් එම් නාලිකා ව්‍යාප්තිය සමග විකෘති වී ඇති බවට සමාජය තුල සංවාදයක් පවතින බව ඇමතිවරයා කීවේය.  කලාවේ මෙම පරිහානිය නිවැරදි කිරීම සදහා රජයක් ලෙස අවශ්‍ය පියවර ගන්නා බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.