Tue06022020

Last updateSat, 22 Feb 2020 6pm

නවතම පුවත්

රට වෙනුවෙන් දිවිපිදු රණවරුවන් සිහිපත් කරමින් කැළණිය පුදබිමේ පැවති විශේෂ පහන් පුජාවට ජනපති එක්වෙයි

 

ජාතික රණවිරු සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ විශේෂ පහන් පුජාවක් ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වින.  ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද සහභාගි විය.   වසර 30 ක යුදමය වාතාවරණය අවසන් කරමින් රටට සාමය උදාකරදීමට යුද බිමේදී අභිත රණවිරුවෙකු ලෙසින් තම ජිවිතය පුජා කළ හා අතුරුදන්වු ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 23 දහස් 962 ක් . ශ්‍රී ලංකා නාවික රණවිරුවන් 1160 ක් . ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් 443 ක් . ශ්‍රී ලංකා පොලිසියේ 3118 ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 459 දෙනෙකු අනුස්මරණය කරමින් එක් රණවිරුවෙකු වෙනුවෙන් පහනක් බැගින් දල්වා මෙම විශේෂ පහන් පුජාව පැවැත්වින.  ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි . ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුඵ ආරක්ෂක අංශවල ජ්‍යෙස්ඨ නිලධාරිහු හා රණවිරු පවුල්වල ඥාතිහු පහන් දැල්වීමට එක්වුහ