Fri03222019

Last updateThu, 14 Feb 2019 9am

නවතම පුවත්

පෞද්ගලික බස් වර්ජනයට ලංගම සුදානම්

අද (16) සිට බස් ගාස්තු සියයට 6.56 කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (15) හිමි විය. ඉකුත් 10 වෙනිදා ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පෞද්ගලික බස් සංගම් බස් ගාස්තු සියයට 10 කින් වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර ඉන්ධන මිල ඉහළ යෑම සැළකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු ඉහළ නැංවිය.

මේ අතර රජයේ තීරණයට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් විසින් අද (16) මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. වර්ජනයට මුහුණ දීමේ අරමුණෙන් පැය 24 පුරා ක‍්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනයේ යෙදවීමට ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කරයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයන්ගේ නිවාඩු අවලංගු කිරීමටද පියවර ගෙන ඇති බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
දෛනික කාලසටහනට අනුකූලව නොව මගී අවශ්‍යතාවය පදනම් කරගනිමින් බස්රථ ධාවනය කරන ලෙස ද අදාළ සියලූ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.