Tue12182018

Last updateSat, 15 Dec 2018 1pm

නවතම පුවත්

රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

රෝහල් වල පවතින ගැටළු සහ සංවදිවයින පුරා සෑම පළාතකමර්ධන ව්‍යාපෘති පිළිබඳව එම පළාත් වල මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා පියවර ගෙන ඇත.


පළමු අදියර යටතේ නැගෙනහිර, උතුර සහ දකුණු පළාත්වල රෝහල් වල ගැටලූ හා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පසුගිය දි පැවැත්විණි.
දකුණු පළාතේ රෝහල් සංවර්ධනය කිරීමේ දී ඇල්පිටිය, බලපිටිය, මුලික රෝහල් සංවර්ධනය කිරීම සහ කරාපිටිය මහ මෝදර යන රෝහල් වල ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති විමසා බැලීය.
මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකකය පමණක් දැනට රෝහල් භූමියේ ස්ථාපිත කර , අනෙකුත් සියලූම සේවාවන් ගොඩගම නව රෝහල කරා ගෙන යෑමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදියි.
හම්බන්තොට දිස්ත‍්‍රිකයේ මෙන්ම උතුරු පළාතේ සෑම දිස්ත‍්‍රික්කයකම ආරම්භ කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය විමසා බැලීය.
එම රෝහල්වල පවතින වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල හිඟයටද පිළියම් යොදන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
තවද වව්නියාව සහ යාපනය නගර වල නව ඔසුසල් විවෘත කිරීමටද තීරණය විය.
මේ ක‍්‍රියාදාමයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මහජන නියෝජිතයන් ද දැනුවත් කරන ලදී.